Sunday 31 March 2013


පල ප්‍රයෝජන නුඹෙන් ඇති තෙක් 

නුඹ වටා බෝ අය සිටීවි 

එකින් එක පෙති ගිලිහි යන දා 

සැබෑ පෙම පමණක් හිදිවී 

Saturday 30 March 2013

දඩයම්කරුට නොලැබු න ගොදුර




දඩයක්කරුවෙක්

ගිනිමැලයක් ලඟ
සොයයි 
උනුසුම
හිම කැළයක

වෙනස් නොවෙනා 

එකම ඍතුවක
නුඹ බලා ඉන්නෙ
කවදාවත් නොඒ න
වසන්තයක් දෙසය

රුදුරු ලොව

සුළග මා හැරයන්න කුණාටුව වී එන්න 
ලොව අඳුරු කෙළවරක මාව ගොස් ඇරලන්න 

වැස්ස ම හැරයන්න ගංවතුර වී එන්න 
සයුරු පතුලට දමා තනිකරනු මැන මාව 

හිරු සඳුනි පලායනු එලිය අඳුරක් කරනු 
මේ රුදුරු නපුරන් ගෙන් මාව වෙන්කරනු  
නදී ඇලදොළ 
ගලා ගිය මුත් 
මනින්නේ නැත 
ගලන දියරැළි 
මන්ද මාරුත 
හඹා ගිය මුත් 
ගනින්නේ නැත 
සිඹින මල් පෙති 
අහස් තලයට 
වඩි න හිරුසඳූ 
දකින්නේ නැත 
සහස් තරු දිලි 
ඉතින් කෙලෙසක 
නුඹ මනින්නේද 
මහමෙරට උස 
මගේ සිතිවිලි 

හිත වැටී මහනෙලට

හිත වැටී
මහනෙලට
නෙලන්නට
බැස
විලට
කළල
මත
ගීලි  නුඹ
මියැදෙන්න
හදන
විට
උඩගුව
හිනැහුනද
නුඹ රැවටු
මහනෙල

ඇය
නැත
හැර ගියේ
දැන දැනත්
කල වරද
රැක  දිවිය
ගෙන ගොඩට
හැරලවා තොටමුනට
දිවි රැක්ක
ඇය තනිව
දමා නුඹ කොහි යාද?

කාලය

අතීතය
සරලයි
සුන්දරයි


ඉදිරිය
ඝනකමයි

ඉදිරිය
ගෙවුනම

ඝනකම
සුන්දරයි

ආදරයේ අරුම

සිනාවෙන හිරුකිරණ 
අවදි කල තඹරු මල 
විකසිතව දිගුකරත් 
දෑත හිරුමඬල වෙත 

දිය සිඳින හිරු මඬල 
කෙලෙස ලංකරගම්ද 
දිය නැතුව කෙළෙස මම 
විකසිතව හිනැහෙම්ද?

විටෙක පිනිදිය ඉහින 
විටෙක වැසි වස්සවන 
විටෙක දිය සින්දවන 
අරුම මට නොතේරෙන ..

;;;;;;;;;;;;;;වැස්ස;;;;;;;;;;;;;;;;;;;





                                ඔන්න අයේ ඉතින්
                                            වහින්නට හදනවා

                               කිව්වා නාහන හිත

                                               තෙමෙන්නට හදනවා

                               දවස් ගානක් ඔන්න

                                           හිත ලෙඩින් හඩනවා

                              අයෙමත් දැන දැනම

                                         විදවන්න හදනවා

කියාගන්නේ කොහොමද?


ඉර කොහොමද කියාගන්නේ සදට තියන පෙමක තරම්
සද වටකර තරු හිදීවි ලoවෙන්නට බැරි තරමින්.... 

සද කොහොමද නොකියා ඉන්නේ ඉරට තියන ලෙoගතුකම්
සද අහසට නැගෙනා විට ඉර බැහැලා යනවානම්..........

කෙලෙස් පිරි දෙවියකු

තමන්ටත් තියනොගෙන 
දන්දුන්නා ලු 
සෙනෙහස 
සතුට 
ඇතිතරම් සැපවින්ද 
හිත 
කලේලූ 
දුෂ්කර ක්‍රියා 
නොනැවතීම 
අදිටන් පාරමිතාව 
හිත තබා 
සතර බඹ විහරණේන් 
නොකැඩි ලු 
පන්සිල් 
ප්‍රේමයේ 
භාවනාව 
නොකලෙලු කිලිටි 
එතෙක් පෙරුමන් පුරා 
නොහල එකම දෙයළු   
තණ්හාව 
මිත්‍යා දෘෂ්ටිකයකු රකින ......

දුකෙහි ඇත සතුටක් ..එය සොයාගන්න...


නොදොඩනා වදනකින්
නොනැගේනා ස්වරයකින්
කොතෙක් දේ සිතුනේද?
හිතක් දුක් වින්දේද?
බිඳුණු ස්වර දෙස බලා
හීල්ලු හිත ගාව
ඇද වැටී විසිර ගිය
දහසකුත් තනු අතර
රැකගන්න වෙරදරන
හදවතේ බිඳුණු හඬ
හිනැහෙනා විට දුකින්
කොයිතරම් සතුටක්ද?

මිතුරු තුමෝ ...


පුදසුනට 
පා නගන 
කිලිටි 
පා 
පිසදාන 

සඳපහන 
නුඹයි මගේ 
                             සුමිතුර 

පුංචි හිත් නොතලන්න ...

පින්න ගලන උදැසනින්
හිරු ඇතිරූ එළිපත මත
නොමේරු මගේ
දෙපා තබා
සොයා ගියා මගේ ලෝකය
හිසට උඩින් පියාසලන
සිඟිති කුරුළු රෑන්  පස්සේ
හති  වැටි වැටි
දිව්වා මම
සඳ අහසට නැඟ එන තෙක්
හති වැටි වැටි
දිව්වා මම
ගතවූ මගේ ඉගිලී ගිය
ළමා වියේ සුවඳ සොයා

සඳ මා හා උරණ වෙලා
බෑ  කිව්වා
මට දෙන්නට
රන්තැටියට කිරියි පැණියි
වැඩිහිටියන් අඬගැසුවා
තරවටු කර එන්ට කියා
පෙන්වන්නට
ලෝකය මට
බැහැ එන්නට මිනිස්සුනේ
දුෂිත වූ
නුඹේ ලොවට
අත් පය උස්මහත් උනත්
පුංචියි මගේ
හිත තාමත්
පෙනෙන්නේ මට නුඹලා සැම
විසදුම් නැති ප්‍රශ්න සමඟ
දඟලන පණුවන්  විලසින
දරාගන්න නම් බැහැ මට
නුඹලාගේ බර ප්‍රශ්න සියලු
හිතන්න බැහැ  ඔයතරමට
විසඳුම් නැති
ප්‍රශ්න ගැනම...
ඉගිලෙන්නට
ඉඩදෙනු මට
පුංචි කුරුල්ලෙක් විලසට
හුරතල් වූ
මගේ හිතට
දෙන්න එපා
ලොකුවෙන්නට



ප්‍රථම ප්‍රේමයේ සොදුරු දවසක


උණුසුමට සැගවෙන්න  සීතලට ගුලිවෙන්න 
හිතෙනවා දඟ හිතට නුඹ ලඟම දැවටෙන්න 

නෙත් වසා ඉන්න විට හිතේවිද නුඹ හිතට 
සුසුම් උණුසුම දෙන්න වැසුන මගේ නෙත් තුලට 

ලවන් යුග පෙනෙන විට දෑස්  පෙති හැකිලී නම් 
උරමඩල මට අවැසි දෙන්න මට සැඟවෙන්න .

Friday 29 March 2013

අලුත් බණ



සාධු !.. සාධූ! ..සාධූ!..

පින්වත්නි,

දැන් හොදින් 
සවන් දෙන්න 
තව කඩන්න 
තව බිඳින්න 

පුලුවන්නම් 
විස්සක් 
තිහක් 
මරලා දාන්න 
මෙන්න මේ වෙලාවට 
කර්ම  ඵල 
අමතක කරන්න 
ඊට පස්සේ 
සුදු ඇඳගෙන 
පන්සල් එන්න 

අමතක කරන්න එපා 
උදේ සවස 
පිරිත් 
ශ්‍රවණය කරන්න 

ඒ විතරක් නෙවෙයි 
දන් දෙන්න 
පින් දෙන්න 
මැරෙන මොහොතේදී 
මතක් වෙන්න 
හරකෙක් නිදහස් කරන්න 

දැන් පින්වත්නි 
නැවතත් 
උස්හඬින් ,

සා..............ධු  කාරයක් දෙන්න 
සියලු සත්වයෝ නිදුක්ම වේවා!


මඟ හැරුම


නමුත් 
හිටිහැටියේ 
හද සැලුනි කිටි කිටියේ ..

දුටද 
නෙතු ඉදිරියේ 
නාදුනන සේ කෙසේ සිටියේ ..
කවි හුඟක් ලියන්නැති
තනු හුඟක් තියෙන්නැති
ස්වර හතක තිබිලත්
හරියට ගැයේන්නැති

නොගැයුවත්  මගේ කවිය
මගේ හිතේ තියෙන්නැති
දරන්නට බැරි තරම්
හැගුම් බර වෙන්නැති

මෙතරම් වෙර දරා
වුවත් නිමවෙන්නේනැති
පද තනු වෙන්නේනැති
තරම් පෙම නිම් නැති


ඔබට ගී නොගැයුවයි
ඔබත් දුක් වෙන්නැති
ඒ නිසා සිඹ කියමි
ඔබේ ගුණ නිමක් නැති

              --මාපියන්ට නොලියු කවි -----

හිරු මඬළකි නුඹ



සෙමින් අහසට 
                      වඩින උදයට 

දිලෙන හිරුරැස් 
                       පතිත කරවන 
හිරු මඬළ නුඹ 
                       තමයි 
එදා මෙන් අදත් 
                       මට

සිනාසෙන අහස 
                        මම 
ඉර එලිය වැටෙන
                       විට 
නොපායනු නිතර 
                       නුඹ 
සිනසී මියෙයි 
                      මම 


ඉර නොමැති 
                     රාත්‍රිය 
නමුත් හිත දුක 
                    පිරෙන 
දනිමි නුඹ 
                  රැයේදිත් 
හැර දමා 
                  නොයන වග 


සැඟවී නුඹ සඳක් 
                  ලෙස 
එලිය දුන්නා 
                  නොවෙද?
 අදුරු කඳුලට 
                   යන්න 
සිනා සඳ 
                   එළි එන්න 


පායනා දිවා 
                   රැය 
නුඹයි සඳ හිරු 
                  එළිය 
වෙහෙස නැතිදෝ 
                    නුඹට 
දිවා රෑ ළඟ 
                   ඉන්න 


නොහිතෙනා තරම් 
                   මම 
නොපතනා තරම් 
                  මම 
ආදරය මට 
                  දෙන්න 
කොහොම හිතුනද 
                            නුඹට

සිනා කදුලින් උපන් නුඹයි මගේ ජීවිතේ


රැල් නැගී
බීදී ගිය
සේනේ සිත්
සිතිජයේ

මංමුලා වූ
නමුත්
සොයා ගති
ජීවිතේ

තෙරක් නැති
සාගරය
සමඟ බැදි
ආදරය

සාගරය
සසල වී
ආදරය
නොසෙල්වී

සසල මෙන්
නිසල වන
සාගරය
අපි වගේ

අපි
සසල වුවත්
ආදරය
නොසෙල් වේ

ජීවිතය
ලුනු රසයි
වෙරළ කදුලින්
පෙඟේ

කදුළු
වෙරලට නුඹේ
සිනරැලි
මතුවේ


රැල් නැගී
බීදී ගිය
සේනේ සිත්
සිතිජයේ

මංමුලා වූ
නමුත්
සොයා ගති
ජීවිතේ


සිනා කදුලින්
උපන්
නුඹයි මගේ
ජීවිතේ

ඉටු (නො )වෙන


බලාපොරොත්තුව ගැන………….
බලාපොරොත්තුවෙන්….
ඉන්නකල් ………
ඉටු නොවෙලු
බලාපොරොත්තුව……